යේ (12) සවස 3.15 ට පමණ වේයන්ගොඩ  මල්ලැහැව මාර්ගයේ කුඹල්ඔළුව ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් පැදවූ කාන්තාවට එය පාලනය කර ගත නොහැකිව සිදුවූ අනතුරක් නිසා ඇය සහ ඇගේ ළමුන් දෙදෙනා මියයාමේ අවාසනාවන්ත සිදුවීමක්
වාර්තා විය.
මෙම රථය පැදවූ කාත්තාව ඉදිරිපස සිටියදී පසුපස පිරිමියකු කාන්තාවක හා දරුවන් දෙන්නෙකු පැමිණ තිබෙන අතර 4 දෙනාම කිටිකිටියේ සිරවී පැමිණි බව කියැවේ.

ත්‍රීරෝද රථය  කුඹුරක් මැදින්වූ පාරක එද්දී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරට පෙරළී අනතුර සිදුව ඇත. එය ඇදී යන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව ඇති අතර ත්‍රීරෝද රථය පැමිණි වේගය නිසා කුඩුපට්ටම්වී කෑලි කැඩී කුඹුරට වැටෙන අයුරු දර්ශනය වේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රි රෝද රථය පැදවූ කාන්තාව සහ එහි පසුපස ගමන්කළ කාන්තාව, පිරිමියා හා ළමුන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ත්‍රි රෝද රථය පැදවූ කාන්තාව සහ ළමුන් දෙදෙනා මියගොස් ඇත.

මියගිය කාන්තාව කිරිඳිවැල පාර, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි 40 හැවිරිදි අයෙකි. මියගිය දරුව්න දෙන්නාම පුතුන්ය. එක් පුතෙකු වයස 09 ක් වන අතර අනෙක් පුතු වයස එකහමාරක අයෙකි.
 තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරේ සීසීටීවී දර්ශන පහතින්