ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ බරක් ඔබාමා, බිල් ගේට්ස්, එලොන් මස්ක්, ජෝ බිඩෙන් සහ තවත්  ජනප්‍රිය ගිණුම් රාශියක් බදාදා පස්වරුවේ දැවැන්ත හැක් කිරීමට ලක්වී ඇත. මෙයින් පසු බොහෝ ගිණුම් වලට නව ට්වීට් යැවීමේ හැකියාව ට්විටර් සම්පූර්ණයෙන්ම අක්‍රීය කර ඇත.
හැකර් කරුවන් එය නිවැරදි කිරීමට බිට්කොයින් හරහා මුදල් එවන්නැයි වංචා සහගත නිවේදන නිකුත් කර ඇති බවද වාර්තා විය.
ප්‍රසිද්ධ අයගේ ගිණුම් හැක්වීමෙන් පසු ට්විටර් පද්ධතියේ සියලු ගිණුම් වලට වාරණය ක්‍රියාත්මක කළ අතර ට්විටර් විසින් සත්‍යාපනය කළ ගිණුම් වලට පමණක් පිවිසීමට අවසර දී තිබුණි. සත්‍යාපනය නොකළ ගිණුම් වලට පැය කිහිපයකින් එය යථා තත්වයට පත්කරවන බවද වාර්තා කර තිබුණි.
 එලොන් මස්ක්, ජෙෆ් බෙසොස් , බිල් ගේට්ස්, බැරක් ඔබාමා, ජෝ බිඩෙන් සහ කැනී වෙස්ට් වැනි පුද්ගලයින්ද ඇපල් වැනි සමාගම්ද මෙම හැක්වීමට ලක්විය.

ට්විටර් කියා සිටියේ එය "අභ්‍යන්තර පද්ධති හා මෙවලම් සඳහා ප්‍රවේශය ඇති සිය සේවකයින් ඉලක්ක කරගත්" සම්බන්ධීකරණ "ප්‍රහාරයක් බවයි.
“ඔවුන් [හැකර්වරුන්] මෙම ප්‍රවේශය භාවිතා කළේ ඉහළ දෘශ්‍යමාන (සත්‍යාපිත) ගිණුම් සහ ඔවුන් වෙනුවෙන් ට්වීට් කිරීම පාලනය කිරීමට බව අපි දනිමු,” සමාගම ට්වීට් මාලාවකින් පැවසීය.
සමාගමේ විමර්ශනය අඛණ්ඩව සිදුවන අතරතුර එවැනි අභ්‍යන්තර පද්ධති සහ මෙවලම් සඳහා ප්‍රවේශය සීමා කිරීම සඳහා “සැලකිය යුතු පියවර” ගෙන ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.
මේ අතර, ට්විටර් හි ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "ට්විටර් හි අපට අද දුෂ්කර දිනයකි යනුවෙනි.