කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් 18 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා ඊයේ (15දා) දින  නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට යොමුකළ බව කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්
සදිකා නානායක්කාර මහත්මිය පැවසුවාය.
කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  මනෝජ් රුද්‍රිගු මහතාගේ අධීක්ෂණය යටතේ එම නගර සභාවේ සේවයේ නිරත කාර්යාල කාර්ය සහායකයන්, පණිවුඩකරුවන්, පාපැදිකරුවන්, ගබඩාකරුවන්, ආයතනයට කෑම සපයන සේවකයන් ඇතුළු සේවකයන් 18 දෙනෙකු මෙලෙස අදාළ පරීක්ෂණයට යොමු කළ බවද ඇය කියා සිටියාය.

චන්දන සමරවික්‍රම