හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැල්වැටිතුරේ ප්‍රදේශයේදීය.
2018 වසරේ මහවිරු සැමරුමට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිදාන පනත යටතේ පේදුරුතුඩුව අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව එම අධිකරණය නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.