අද (11) දින මීටියාගොඩ පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව ඇති කහව හංදියේ සිට තෙල්වත්ත දක්වා වෙරළ තීරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල
කොළඹ ප්‍රධාන මාර්ගයට පැමිණ ඇත. මේ සම්බන්ධව මීටියාගොඩ පොලිසිය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
මෙම තත්වය හේතුවෙන් මහජනතාවට ඉහත මාර්ගයේ ගමනාගමන කටයුතු අපහසුතාවයකින් තොරව සිදුකර ගැනීමට පහත විකල්ප මාර්ග භාවිතා කල හැකි බව පොලිසිය දන්වයි.


> කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන වාහන කහව හන්දියෙන් බටපොල මාර්ගය හරහා මීටියාගොඩ හංදියට පැමිණ අලුත්වල මාර්ගය ඔස්සේ කිරල ගහවෙල හංදියෙන් තෙල්වත්ත දෙසට ගමනකර තෙල්වත්ත හංදියෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පැමින ගමන්කල හැකිය.


> ගාල්ල සිට කොළඹ දෙසට ගමන්කරණ වාහන තෙල්වත්ත හංදියෙන් දකුණට ඇති මැටිවෙල මාර්ගයේ පැමිණ කිරලගහවෙල අලුත්වලහරහා පැමිණ මීටියාගොඩ හන්දියෙන් අම්බලන්ගොඩ බටපොල මාර්ගයෙන් කහව හංදියට පැමිණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පැමින ගමන්කල හැකිය.