කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් බැලීමට පසුගිය 04 වෙනිදා එහි ගිය ඔවුන්ගේ ඥාතින් 116 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල
සාමාජිකයින් ඇතුළු 441ක් දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට යුධ හමුදාව මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද්ධ හමුදපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.

මෙම පිරිසෙන් මේ වන විටත් 328 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සෙසු පිරිස ද අද දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.