සාරියකින් නිවසේ බැන්ඳ ඔන්චිල්ලාවක් පදිමින් සිට ඇති කුඩා දරුවකු එම ඔන්චිල්ලාව බෙල්ලේ සිරවී ඊයේ (22) මියගොස් ඇතැයි වීරඟුල පොලිසිය පවසයි.



මියගොස් ඇත්තේ වතුරුගම, දික්කන්දේ පදිංචිව සිට ඇති ඉලංදාරි පේඩිගේ සඳුන් සුමේධ නමැති දස හැවිරිදි දරුවකු බව ද පොලිසිය කියයි. දරුවා රෝහල් ගත කරන විට ද මියගොස් සිටි බව වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ආර්.ඒ.එම්.සී.එන්. බණ්ඩාර මහතා පැවසීය.

මෙම දරුවා වතුරුගම කුරුවමුල්ල මහා විද්‍යාලයේ පස් වැනි ශ්‍රේණියේ සිසුවකු බවත් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බවත් කියති. මෙම දරුවාගේ 14 හැවිරිදි සොහොයුරා නිවසේ බාල්කයක සාරියකින් ඔහුට ඔන්චිල්ලාවක් ගැටගසා දී පසුව නිවසින් බැහැරව ගොස් ඇති බවත් ඒ අතරතුර දස හැවිරිදි දරුවා මෙම අනතුරට ලක් වී ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

මියගිය දරුවා පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අත්තනගල්ල මීවල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක අභාජේ එම්.ජේ.එම්. අබ්දුල් කාදර් මහතා විසින් ඊයේ (22) සවස පවත්වනු ලැබීය.

- එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන -