තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක් තිබෙන බවත්, මේ නිසා අවශ්‍ය වුවහොත් ලබන 27 සහ 31 වැනිදා අතර දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේ දින නම් කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ දිනවල තැපැල් ඡන්දය භාවිතය අඩුවීම නිසා හෙට (24දා) සහ අනිද්දා (25දා) යන දින දෙකද තැපැල් ඡන්දය ප්‍රකාශයට කරීම සඳහා වෙන්කර තිබෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
එම දින දෙක තුළදීද තැපැල් ඡන්දය භාවිත කිරීම අඩු වුවහොත් ලබන සතියේ දිනවලද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින නම් කරන බවද ඔහු පවසා සිටියේය. ගුරුවරුන්ගේ තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක් විශාල ලෙස පෙන්නුම් කරන බවත්, පාසල් වසා තිබීම මෙයට හේතුවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස්වලට ඡන්දය භාවිත කිරීමේ දිනය ලෙස මේ මස 31 වැනිදා නම් කර තිබෙන බවත්, එය තැපැල් ඡන්දය පවත්වන ආකාරයට පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය. අගෝස්තු 05 වැනිදා කෝවිඩ්19 තත්වය නිසා යම් ප්‍රදේශයක්  වසාදැමීමට කටයුතු කළහොත් චීන ප්‍රදේශවල ඡන්දය විශේෂ ක්‍රමවේදයක් යටතේ පවත්වන බවත්, එය නිරීක්ෂණය කිරීමට හා නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද පොළවල් නිරීක්ෂණයට ඡන්ද පොළ නියෝජිතයන්ට අවස්ථාව ලබාදෙන බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෝවිඩ් 19 සෞඛ්‍ය උපදෙස්වලට අදාළ රාජකාරීවලට නිරතවනු ඇතැයි සිතන බවත්, මැතිවරණ කොමේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස් වුවද අදාළ දිනයේ මැතිවරණය පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේය. මවට සහ පියාට අදේශක නැති  වුවද අනෙක් සෑම දෙයකටම ආදේශක තිබෙන බවද ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

-ඉන්දික හේවාවිතාරණ-