මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ව අවශ්‍ය ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට (PNB) අනුයුක්ත සමන් වසන්ත කුමාර නමැති 49 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයා කඩවත පොලිසියට භාර වී තිබේ.

ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දෙනු ඇත.

49 හැවිරිදි වෙහෙරවත්ත කන්කනම්ලගේ සමන් කුමාර වසන්ත අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතන බව අද පෙරවරුවේ මාධ්‍ය වෙත වාර්තා කර තිබූ අතර පැය කිහිපයක් ඇතුළත ඔහු සිටි තැනින් මතුවී පොලිසියට භාර විය.