මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (13) සිට ඇරඹේ. ඒ අනුව හෙට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකිරීමට නියමිතය.
මීට අමතරව 14, 15, 16, 17, 20 සහ 21 යන දිනවලදීද තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කිරීමට නියමිතය.
පවතින කොරෝනා නැවත පිබිදීමේ තත්ත්වය හේතුවෙන් මෙහි වෙනසක් කර නැත.
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙවර තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව හත්ලක්ෂ පන්දහස් පන්සිය පහක් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.