[Trending][btop]
[News][stack]

කන්දකාඩු පොකුර ඉක්මණින් නිවී යාවි - වෛද්‍ය අනිල් ජාසිංහ

නාවික සෙබළුන් අතර කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවූයේ ක්‍රමිකව වුවත් කන්දකාඩුහිදි ඊට පරස්පර තත්ත්වයක්
දක්නට ලැබුණු බවත් එහිදී නේවාසිකයන් 479 දෙනා අතරින් පුද්ගලයන් 339 දෙනෙකුට රෝගය වැළඳී
තිබෙන බව
පසුගිය දහ වෙනිදා වන විට වාර්තා වී තිබුණු බවත් එම තත්ත්වය තුළ අදාළ පොකුරු කෙටි
කාලෙකින් අවසන් වෙතැයි අනුමාන කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා
මහනුවර දී පැවසීය.

ඒ මහතා එසේ පවසා සිටියේ ඉකුත්දා මහනුවර ජාතික රෝහලේ පැවැති උත්සවකින් අනතුරුව මාධ්‍ය
හමුවේ අදහස් දක්වමිනි .

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා
කන්දකාඩු වල ස්ථාපිත කර තිබෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොවිඩ් 19 පොකුර නාවික
හමුදාවේ තරම් විශාල එකක් නොවන බැවින් එය දීර්ඝ කාලයක් නොපවතිනු ඇති බවයි.

එම ආසාදිතයන් පොකුර කෙඩි කාලෙකින් අවසන් කර කරගත හැකි වේ යැයි බලාපොරොත්තු වන බවත් පිටතට
රෝගීන් පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය යුද හමුදාව හා බුද්ධි අංශ පියවර ගනු ඇති බවද  ඒ මහතා එහිදී
සිය විශ්වාසය පළ කළේය.

-ෂේන් සෙනෙවිරත්න