සුගියදා කොරෝනා වෛරසය පැතිරීම සිදුවූ වකවානුවේ පටන් ඒ සම්බන්ධ පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලැබූ ප්‍රධාන ආයතනයක් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයයි.
ඔවුන්ගේ ධනාත්මක කෝවිඩ් -19 පරීක්ෂණ ප්‍රතිඵල ව්‍යාජ යැයි දිගින්දිගටම බැහැර කිරීම පිළිබඳව
රජය සමග ඇතිවූ කලකිරී ම නිසා ඉදිරියට රජය වෙනුවෙන් PCR පරීක්ෂණ අත්හිටුවීමට තීරණය කරන ලද බව අද (12) පළවූ දමෝර්නිං පුවත්පතේ වාර්තා කර ඇත.

ජයවර්ධනපුර සරසවිය මෙම පරීක්ෂණ වලින් ඉවත්වීම ගැන පසුගිය සිකුරාදා රජයේ මාධ්‍ය වාර්තා කළේ ඒ වනවිට කොරෝනා පරීක්ෂණ සිදුකරන ස්ථාන වැඩිබැවින් හා දීර්ඝ කාලීන කැපවීම කළ ස්ථාන තවදුරටත් පවත්වා යාමේ උවමනාව නැති බැවින් එයට සමුදුන් බවයි.

සියළුම PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් රජය සතුව ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයද පිළිගන්නා නමුත් මෙම පුවත්පත වෙනුවෙන් කරුණු විමසූ ස්කන්ධා ගුණසේකර වෙත ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පර්යේෂණ මධ්‍යස්ථානය කරුණු දක්වමින් පවසා ඇත්තේ කොරෝනා පරීක්ෂණ සහයෝගිතාවය අවසන් වීමට ප්‍රධාන හේතුව දිගින්දිගටම සිදුවූ ප්‍රතික්ෂේපය  බවයි.

 බලධාරීන් හිතාමතාම ජපුරින් පෙන්වාදෙන ධනාත්මක කොවිඩ් -19 පරීක්ෂණ ප්‍රතිඵල නොසලකා හැරියා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 100% ක නිරවද්‍යතාවයකින් තහවුරු කර ඇති විට අප විසින් වාර්තා කරන ලද ධනාත්මක සිද්ධීන් නොසලකා හැරීමට මෑතකදී ගත් උත්සාහයන් පිළිබඳව අපි කලකිරුණා. ඔවුන් පවසා ඇත.
මේ ගැන වෛද්‍ය අනිල් ජාසිංහගෙන් කළ කරුණු විමසීමේදී මෙසේ කියා ඇත.
“ඔව්, සමහරක් අපි නිල දෛනික ගණන් කිරීම්වලට එකතු කළේ නැහැ. ඒවා ව්‍යාජ ධනාත්මක ඒවා. එය සිදුවිය හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔබ වෛරස් විශේෂඥයකු සමඟ කතා කළ යුතුයි. ”