ජපානයේ දෙවැනි විශාලතම නගරය වන ඔසාකා සහ තෙවැනි විශාලතම නගරය වන නගෝයා නගරය පිහිටි අයිචි ප්‍රදේශ තුළ වාර්තා වූ වැඩිම දෛනික නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය අඟහරුවාදා හඳුනාගෙන ඇතැයි බලධාරීන් පවසයි.
 ඒ අතරින් ඔසාකා නගරයේදී පමණක් නව රෝගීන් 155 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙහිදී ජනතාව අමතා  ඇති එහි ආණ්ඩුකාර යොෂිෆුමි යොෂිමුරා මෙම ව්‍යාප්තිය පාලනය සඳහා උදව් කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ලබන අගෝස්තු 1දා සිට 20දා දක්වා කාලය තුළදී පස් දෙනෙකුට වැඩි කණ්ඩායමක් සමග ආහාර ගැනීමට හෝ මත්පැන් පානය සඳහා යොමුනොවන ලෙස ඔහු ජනතාවට උපදෙස් දී තිබේ.

එසේම අයිචි පළාතේද පසුගිය අඟහරුවාදා දිනයේදී රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත. එහිදී පළාතේ දකුණුදිග නගරයක් වන කුමාමොටෝ නගරය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කෙරි ඇත. එහිදී පමණක් ආසාදිතයන් 33 දෙනෙකු හමුව තිබේ. එසේ ටෝකියෝ නගරය තුළදීද නව රෝගීන් 236 දෙනෙකු හමුව තිබේ.

ජපානයේ නවතම කොරෝනා තත්ත්ව වාර්තාවට අනුව මේ වනවිට එරට සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33,244කි. එහිදී ආසාදිතයන් දෙදෙනකු පසුගිය සඳුදා මරණයට පත්ව ඇත. මේ අතර ජපානයේ එක් එක් පළාත් ආශ්‍රිතව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරන බවද ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.