රජයේ ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් නිට්ටඹුව නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය ගබඩා  මධ්‍යස්ථානයක් ඊයේ (30)  දහවල් වටලා එහි සැකකාර වෛද්‍යවරයාත් ගබ්සාවක් සිදුකර ගැනීමට පැමිණි බව  කියන ගැබිනි තරුණියත් එහි රැදීසිටි තවත් තරුණියන් සිව්  දෙනකුත් ඔවුන් සමග පැමිණි  බව කියන
තරුණයන් සිවු දෙනෙකුත් සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පැවසීය. ලද තොරතුරකට අනුව පොලිස් කාන්තාවත් උපාය දූතයකු ලෙස වෙස්වලාගෙන පැමිණ වැටලීම සිදුකොට තිබුණි.  මෙහිදී ගබ්සා සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එසේ ගබ්සා කිරීමක් සඳහා

රුපියල් හතළිස් දහසක මුදලක් අයකරන බවත් මෙය කාලයක් තිස්සේ කරගෙන ගිය ගසා ජාවාරමක් බවත්  මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් සියලුම දෙනා අනුරාධපුරය හා කුරුණෑගල ඇතුළු ඈත ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පරීක්ෂණවලදී හෙළිවී ඇත. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරිහු පිරිසක් වැටලීමට සහභාගි වූහ.

-ආනන්ද ඉ.ජයකොඩි-