මේ වනවිට කොළඹ ඩබ්ලිව් ඒ ඩී රාමනායක මාවතේ පිහිටි මොබිටෙල් ප්‍රධාන ශාඛාව කොරෝනා වෛරසයට නිරාවරණය වූ අයෙකු නිසා තාවකාලිකව වසා දැමූ බව හා සේවකයින්ට නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දීම සම්බන්ධයෙන් සිද්ධිය පැහැදිලි කරමින් මොබිටෙල් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර
තිබේ.
එය පහත පරිදිය.

දැනුම්දීමයි
 - COVID 19 හේතුවෙන් මොබිටෙල් කාර්යාලය වසා දැමීම පිළිබඳ මෑත විවිධ සමාජ මාධ්‍ය වාර්තා සංසරණය වී ඇති  අතර ඒ ගැන අපගේ අවධානය යොමුව තිබේ.
COVID 19 රෝගියකුට (තුන්වන කවයට) නිරාවරණය වූ තවත් පුද්ගලයෙකු සමඟ ඇසුරු කළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස කොළඹ 02 ඩබ්ලිව් ඒ ඩී රාමනායක මාවත ශාඛාවට ගොස් ඇති අතර, නිරාවරණය වීම සිදුවී ඇත්තේ එලෙසිනි.
මේ ගැන අපි අවශ්‍ය පියවර ගෙන ඇති අතර ශාඛාව තාවකාලිකව වසා දමා ඇත. පූර්වාරක්ෂාව ලෙස විෂබීජ නාශක යොමු කර ඇත.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රජයේ බලධාරීන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශ අපි කල්තියාම අනුගමනය කරමින් සිටින අතර තත්වය පාලනය කිරීමේදී අදාළ සියලු ක්‍රියා පටිපාටි අනුව ක්‍රියාත්මක කර ඇත්තෙමු.
එවැනි අවිනිශ්චිතතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපගේ සියලුම සේවකයින් දැනුවත් කර ඇති අතර අදාළ සියලු පූර්වාරක්‍ෂක පාලන ක්‍රියාමාර්ග සියලු මොබිටෙල් පරිශ්‍රයන්හි ක්‍රියාත්මක කරන ලදී.
අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ, මොබිටෙල් කාර්ය මණ්ඩලයේ සහ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා අප අතිශයින්ම වැදගත් බව සහතික කිරීමට අපි කැමැත්තෙමු.