මන්නාරම, පේසාලෙයි, මාතා දේවස්ථානයට පැමිණ පසුගිය 04 වන දා සැක කටයුතු ලෙස හැසුරුණු
පුද්ගලයෙකු අද (ජූලි 06) යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින්

සිටියදී යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
යාපනය පොලිසිය පැවසුවේ, මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු
එලෙස අත්අඩංගුවට ගත් බවය.
මන්නාරම, පේසාලෙයි, මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බෑගයක් පිටේ එල්ලාගෙන සැක කටයුතු
ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත ඊයේ (ජූලි 05)  හා අද (ජූලි 06) දිනයේ
විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණ.
සැකකරු පේසාලෙයි දේවස්ථානය වෙත පැමිණ සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් වන සීසීටීවී දර්ශන අනුව
සැකකරු සම්බන්ධයෙන් වන තොරතුරු උතුරේ සියලු ආරක්ෂක අංශ වෙත ලබා දී තිබූ බව පොලිසිය පැවසීය.
සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යාපනය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට
ගෙන තිබිණ.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වමින් සිටින බව ද පොලිසිය
පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව - එන්. ප්‍රියදර්ශනී