වවුනියාව, කෝවිල්පුදුකුලම ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි දැරියකගේ මළ සිරුර එම ළමා නිවාසය තුළදී
හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.



පොලිසිය පැවසුවේ, වවුනියාව කෝවිල්පුදුකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක ජීවත් වූ 17
හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගියදා හමුවූ බවය.

දැරියගේ මරණයට හේතුව සොයා පරීක්ෂණ පවත්වන අතර මළ සිරුර පශ්චාත් මරණය පරීක්ෂණ සඳහා
වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, එම දැරිය ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවට ළමා නිවාසයේ පාලන අධිකාරිය
පවසන බවය.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

/වවුනියාව මව්බිම වාර්තාකරු - එන්. ප්‍රියදර්ශනී/