පසුගියදා කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයෙකුට කෝවිඩි19 ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ  නවා තැන්ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය වසා දමා එහි හිමිකරු, බිරිද සහ සේවකයන් ඇතුළු 09  දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම
පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.  කතරගම වන්දනාවේ පැමිණි රන්මලේ පාර, දිවුලන්කඩවල පදිංචි 25 හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයෙකු ලෙස කෝවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු පසුගිය 07 වැනිදා කතරගම වන්දනාවේ පැමිණ අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන්ගෙන කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වැනිදා පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත දැනුම් දී ඇත.
 ඒ අනුව මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විශේෂ විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර තිබේ.  මෙම පුද්ගලයා කතරගම කිරිවෙහෙර හා දේවාලයට අමතරව සෙල්ලකතරගම හා අවමස්ථාන
කිහිපයකටම ගොස් ඇති අතර,  පුද්ගලයන් රැසක්ද ඇසුරු කර තිබේ.
 ඉදිරි දින කීහීපය තුළදී කතරගම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් හමු විය හැකි බැවින් සෑම පුද්ගලයෙකුම අත්‍යවශ්‍ය දේකටහැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගල ඇසුරු කිරීම් ඉතා ප්‍රවේශමින් සිදුකරන
ලෙසත් ඉල්ලා සිටින මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් දිසානායක මහතා, මුඛ ආවරණ පැලදීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙපිළිපදින ලෙසද කතරගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සුරියවැව නුවන් ජයසේකර