ඩබ්ලිව්ඩබ්ලිව්ඊ ලෝක රෙස්ලිං තාරකාවක් වන සහ හොලිවුඩ් නළු ජෝන් සීනා බොලිවුඩය සහ එහි නළු නිළියන් කෙරෙහි ඇති තම ආදරය පෙන්නුම් කර සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්ව ඇත.
සෙනසුරාදා බච්චන් පියා සහ පුතු දෙදෙනා කොරොන වයිරසයට ධනාත්මක වීමෙන් පසුව අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක්ගේ ඡායාරූපයක් ජෝන්සීනාගේ මිලියන 14ක් වූ රසික ප්‍රජාවක් සම්බන්ධ ඉන්ස්ටර්ග්‍රෑම්හි පළ කර තිබේ.
 මීට පෙර, බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්,

සුෂාන්ත් සිං රාජ්පුත්, රන්වීර් සිං සහ ශිල්පා ෂෙට්ටි වැනි අයගේ ඡායාරූප සමග සිය අදහස් බෙදාගැනීමටද ජෝන්සිනා කටයුතු කර ඒ ගැන මාධ්‍ය තුළ පුවත් මැවුවේය.
හින්දි සිනමා තරු සහ අනුගාමිකයින් ඔහු කෙරෙහි සෙනෙහස දක්වන ආකාරය නිරන්තර කථාබහට ලක්වන්නකි.