ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
ජනරාල් නාලක කලුවැව මහතා  සඳහන් කළේ ය.

මෙවැනි කට කතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවද  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම පුවත පැතිරයන්නේ මීට කලකට ඉහත දෙරණ ටීවී මගින් විකාශය කළ 'බ්‍රේකන් නිවුස්' එකක් සමගින් බව දැනගන්නට ලැබේ.