බිග් බී නමින් හඳුන්වන බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්ට COVID-19 ධනාත්මක බව පරීක්ෂණ මගින් සෙනසුරාදා තහවුරු විය. සෙනසුරාදා සවස ඔහු නැනාවතී රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහුගේ අසනීප තත්වය තොරතුරු ට්වීට් කර ජනතාවට දැන්වීය. ඒ ආසන්න කාලයේදීම බිග්බීගේ පුත් නළු අභිෂේක් බච්චන් ද සෙනසුරාදා රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමාටද කොරොන ධනාත්මක බවයි. බිග් බී බිරිය ජයා බච්චන් හා ලේලි අයිශ්වර්යා රායි බච්චන් සහ මිණිබිරිය ආරධ්‍යා
බච්චන් යන අයගේ COVID-19 ප්‍රතිදේහජනක පරීක්ෂණ වාර්තා ඒ වනවිට පොරොත්තුවෙන් සිටි අතර අද (12) උදෑසන වාර්තාවූයේ ඒවා සෘණාත්මක වූ බවයි. නමුත් සවස පැමිණි වාර්තා අනුව අයිශ්වර්යාට හා දියණියට කොරෝනා වැළඳී ඇති බව අනාවරණය විය ජයා බච්චන් හා ඇගේ අනෙක් දරුවන්ට සෘණාත්මක විය.
77 හැවිරිදි ජ්‍යෙෂ්ඨ නළුවාට අසනීපය තදින් බලපා නැති බවත් ඔහු සුවපහසුවෙන් සිටින බවත්  ඔහුට කැස්ස සහ උණ ඇතුළු මෘදු රෝග ලක්ෂණ ඇති බවත් ඔහුගේ මූලික වාර්තා සියල්ලම සතුටුදායක බවත් නැනාවතී රෝහලේ වෛද්‍ය අන්සාරි ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. බිග්බී හුදකලා වාට්ටුවක තබා ඇත.

අමිතාබ් බච්චන්ගේ නිවසේ සහායක සහ රියදුරු ද COVID-19 සඳහා පරීක්ෂාවට

ලක් කර ඇති අතර පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී.

පියාගේ ට්වීට් එකෙන් ඉක්බිතිව පුත් අභිෂේක් බච්චන් ට්වීට් කර මෙසේ ලිවීය, "අද දින මගේ පියා සහ මම යන දෙදෙනාම COVID 19 සඳහා පරීක්‍ෂණයක් සිදු කළෙමු. අප දෙදෙනාම  ධනාත්මක විය. මෘදු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇත.
අවශ්‍ය සියලු බලධාරීන්ට මේ ගැන දන්වා ඇති අතර අපගේ පවුලේ අය සහ කාර්ය මණ්ඩලය සියල්ලන්ම පරීක්‍ෂාවට ලක් කර ඇත. සන්සුන්ව සිටින්න, කලබල නොවන්න. ස්තූතියි "

අභිෂේක් බච්චන් විසින් COVID ධනාත්මක වූ නිසා සවුන්ඩ් එන් විෂන් ඩබින් චිත්‍රාගාරය තාවකාලිකව වසා දමන ලදී. මීට දින කිහිපයකට පෙර අභිෂේක් විසින් අලුතින් නිකුත් කරන ලද ඔහුගේ වෙබ් චිත්‍රපටයකට මෙහිදී හඩකැවීම් සිදු කර තිබුණි.

මෙයට බොලිවුඩයට සම්බන්ධ අමිත් සාද්, නිත්‍යා මෙනන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ඔවුන්ට නිරෝධායනය පිණිස උපදෙස් ලබාදී තිබේ.