දාහත් හැවිරිදී බාල වයස්කාර දියණියට ඇයගේ පෙම්වතා බව කියන 26 හැවිරිදී තරුණයා සමග යෑමට ආධාර අනුබල දුන් බව කියන එම බාල වයස්කාර දැරියන්ගේ මව සහ පියා උහන පොලිසියේ නීලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබූහ.


පෙම්වතා සමග ගොස් සිටි බාල වයස්කාර දැරිය ඇයගේ පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගත් බවද උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.  දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ඔහුගේ මව ද මේ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බාල වයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු සමග යෑමට මවුපියන් ආධාර අනුබල දී ඇති බව කියමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට එම අධිකාරිය උහන පොලිසියට දැනුම් දී ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දුන් එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වා දැරිය සොයාගත් බව අත්අඩංගුවට ගැනීම් සිදුකළ එම පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියත් සියලු දෙනා උහන පොලිස් වසමේ පදිංචිකරුවෝ වෙති.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින මෙම දැරිය අවුරුදු 12ක පමණ වයසේ පසුවන කාලයේ සිට සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කීය. උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී. එන්. කරුණාරත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් ජයතිලක, එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ෂර්මිලා ගාල්ලගේ (5694) සහ පොලිස් සැරයන් සුනිල් වේරගම (58004) යන මහත්ම මහත්මීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

නියමිතව සිටින මෙම දැරිය අවුරුදු 12ක පමණ වයසේ පසුවන කාලයේ සිට සැකකාර තරුණයා සමෙග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කීය.
උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී. එන්. කරුණාරත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් ජයතිලක, එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ෂමිලා ගාල්ලගේ (5604) සහ පොලිස් සැරයන් සුනිල් වේරගම (58004) යන මහත්ම මහත්මීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)