[Trending][btop]
[News][stack]

මෙවර මැතිවරණ අපේක්ෂකයින්ගේ සමාජ ජාල දැන්වීම් හා වාර්තාකරණය

මේ දිනවල මහමැතිවරණ උණුසුම කෙමෙන් දැනෙන්නට පටන් ගනිද්දී ඊට තරග කරන අපේක්ෂකයින් වෙනදාටත් වඩා අන්තර්ජාල දැන්වීම් ලබාදීම කෙරෙහි සැලකිලිමත් වන බව පෙනෙන්නට තිබේ.
මැයි මාසයේ අවසන් සතියේ සිට ෆේස්බුක් සමාගම මගින්  ශ්‍රී ලංකාවේ වාර්තාකරණයන් සඳහා දැන්වීම් පුස්තකාල උපාංගය (ad library tool) ඇතුළත් කර තිබේ. මෙම උපාංගය මගින්
මුහුණුපොතේ දැන්වීම් සඳහා කොතරම් මුදලක් වැය කර තිබේද එම දැන්වීම් කුමක් පිළිබඳවද ආදී තොරතුරු අපට සොයාගත හැකිය. ඒ අනුව දැන්වීම් සඳහා වැඩිම මුදලක් වැය කර තිබෙන ෆේස්බුක් පිටු පිළිබඳව මේ සමග දැක්වෙන වගුවේ දැක්වේ. මෙහිදී වැඩිම අවධානයක් යොමු වී තිබෙන්නේ බස්නාහිර පළාතටය.
මෙල්බන්හි විශ්වවිද්‍යාලයේ සමීක්ෂක අමන්ත පෙරේරා මේ පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් පළ කර තිබුණි.
නොවැම්බර් ජනාධිපතිවරණයේ සිටම පෙරකී දැන්වීම් පුස්තකාලය ශ්‍රී ලංකාව වෙනුවෙන් විවෘත වී තිබූ බවට වාර්තා වේ.
මෙහි පළ වන දැන්වීම් අතරින් වැඩි ප්‍රමාණයක් දේශපාලනමය අන්තර්ගතයක් තිබෙන ඒවා වනු ඇති බව ෆේස්බුක් විසින් අනුමාන කර තිබේ. ශ්‍රී ලංකාව තුළ බොහෝ ගොසිප් පිටු දක්නට ලැබෙන අතර ඒවායේ අනුගාමිකයන් (followers) මිලියන ගණනක් සිටිති. පෝස්ටු ස්වරූපයෙන් දැන්වීම් පළ කිරීමට මෙම ගොසිප් පිටුවලට හැකියාව පවතියි.
එම වෙබ් පිටු කිසියම් අධ්‍යක්ෂණයක් යටතේ කටයුතු නොකරන අතර මුහුණ පොතෙහි පළ වන දැන්වීම් මත රඳා පවතින්නේ නැත. ඒවා රඳා පවතින්නේ එ්වායේ මහත් සංඛ්‍යාත පරිශීලකයන් මත බව අමන්ත සඳහන් කර තිබේ. දේශපාලනමය අරමුණු සහිත සමාජ ජාල පරිශීලකයන් දේශපාලනමය වැදගත්කමක් උසුලන කරුණු පළ කිරීමට සහ ඇතැම් අවස්ථාවලදී ඒ පිළිබඳව සත්‍යතාවයක් නොමැති කරුණු පළ කිරීමට පසුගිය කාලය තුළ තම ප්‍රොෆයිල්ස්  යොදාගෙන තිබේ.

ඉදිරි මාසය තුළදීද මෙය සිදු වනු ඇති බව ඔහු සඳහන් කරයි. මෙවැනි ඇතැම් පෝස්ටු දැනටමත් පළ කර හමාරය.
මාර්ගගත සංසදයකට පෙනී සිටි එක් ෆේස්බුක්හි නිලධාරියෙක් පැවසුවේ ශ්‍රී ලංකාවේ මැතිවරණය ළඟා වීම හේතුවෙන් සති දෙකකට පෙර මෙම යෙදවුමේ ධාරිතාවය වැඩි කිරීම අරම්භ කළ බවය.
නමුත් ඒ සඳහා ෆේස්බුක් ‍විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවාද සහ සිංහල හා දමිළ පෝස්ටුවලට අදාළ කටයුතු සලකා බැලීම සඳහා ෆේස්බුක් යටතේ පුද්ගලයන් කොතරම් ප්‍රමාණයක් සේවයේ නියුතු වේද යන්න පිළිබඳව විස්තර සැපයීමට ෆේස්බුක්හි පුරුදු පරිදි එම නිලධාරියා එකඟ වී නොමැතිය.
නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් පිළිබඳව සටහන් කරගැනීම සඳහා මුහුණු පොත හා මැතිවරණ කොමිසන් සභාව අතර යම් සැලැස්මක් තිබූ බවට වාර්තා වේ. නමුත් මෙම ක්‍රියාවලිය පිළිබඳව හෝ එහි බලපෑම පිළිබඳව ෆේස්බුක්‍ හෝ මැතිවරණ කොමිසන් සභාව කිසිම තොරතුරක් ලබා දී ‍නොමැති බව සඳහන්ය.

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදී ෆේස්බුක් විසින් මාධ්‍යවේදීන් සහ වෙනත් එවැනි පුද්ගලයන් සමඟ මහජන සබඳතා පවත්වන්නේද යන්න සොයාබැලීය යුතු කරුණක් බව මෙම ලිපියෙහි කර්තෘ සඳහන් කරයි.
එම සංසද පවත්වා තිබෙන්නේ ෆේස්බුක් විසින් පනවන ලද සීමාවන් යටතේ වන අතර ස්වාධීන සහ විමර්ෂණශීලිව වාර්තා කිරීම එම සීමා මගින් වැළකී තිබේ. එම සංසද ෆේස්බුක් සහ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටින බව එක් සංවිධානයක් මගින් මෙහි ලේඛකයාට තහවුරු කර තිබුණද, කිසිදු ස්ථිරසාර වාර්තාවක් ඉදිරිපත් වී නොමැතිය.

ෆේස්බුක් විසින් පැනවීමට බලාපොරොත්තු වන මාර්ගෝපදේශ මත පදනම් මෙම අන්තර්ක්‍රියා සඳහා හෝ ඒවාට පහසුකම් සැපයීමෙන් ශ්‍රී ලංකාව තුළ පවතින අවම වශයෙන් එක් ශක්තිමත් සංවිධානයක් ඈත් වී තිබේ.
ෆේස්බුක් සහ මැතිවරණ කොමිසන් සභාව අතර දිගටම සංවාද පැවැත්වෙන බව සඳහන්ය. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම සහ ෆේස්බුක් අතර පැවති සබඳතාවය පිළිබඳ තොරතුරු මගින් පෙන්වා දී තිබෙන්නේ මෙම ආයතන දෙක අතර ලිඛිත ගිවිසුමක් තිබී නැති බවය.
ඒ වෙනුවට එක්ව වැඩ කිරීමේ සැලැස්ම පිළිබඳව වාචික එකඟත්වයක් පමණක් තිබී ඇති බව සඳහන්ය. ජනාධිපතිවරණය පැවති සමයේදී මැතිවරණ කොමිසන් සභාවේ අර්ධ මහජන මැදිහත්වීම්වලදී ෆේස්බුක් නිලධාරීන් දැකගත හැකි වූ බව සඳහන්ය.

එමෙන්ම ෆේස්බුක් විසින් පළාත් පාලන මැතිවරණ නිරීක්ෂකයන් හා සම්බන්ධ එක් දුරස්ථ දැනුවත් වීමේ සැසියක් සංවිධානය කර තිබූ බව එම තොරතුරු මූලාශ්‍රයම අමන්ත පෙරේරා මහතාට පැවසූ බව ඔහු සඳහන් කරයි.
ටික් ටොක් තවත් මොබයිල් ඇප්ස් රාශියක් සමඟ ඉන්දියාවේ තහනමට ලක් විය. නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම ඇප් එක වැඩි වැඩියෙන් භාවිතා වේ. විශේෂයෙන්ම තරුණ පරපුර අතර මෙවැනි ඇප්ස් ප්‍රචලිත වන අයුරු දැකගත හැකිය. දේශපාලනමය අපහාස හෝ රැවටිලි මෙම ඇප් තුළ දැකිය හැකි බව අමන්ත පෙරේරා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් විසින් ‍මීට යොමු කරන ඇතැම් පෝස්ටු තනි පුද්ගලයන් විසින් පෞද්ගලිකව පළ කරන ඒවා වන අතර තවත් ඒවාවල නිෂ්පාදනය පසුපස වෘත්තීමය කණ්ඩායම් සිටින බව හෝ එවැනි උපකරණ ඒවා නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බව කිට්ටුවෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන බව ඔහු තවදුරටත් පවසයි.

හිටපු පාර්ලිමේන්තු සාමාජිකයෙකුව අනුකරණය කරමින් පෙනී සිටින මෙවැනි එක් පුද්ගලයෙකුට එහි අනුගාමිකයන් 42,000ක් සිටින බව වාර්තා වේ. මෙවැනි ගැටලු මුහුණු පොතෙහි තිබෙන ගොසිප් අඩංගු පිටුවලද දක්නට ලැබෙන බව සඳහන්ය.

(“ඩේලි මිරර්” ඇසුරිනි)
එස්. දහනායක