ඇමෙරිකා එක්සත් ජනපදය තුළ  COVID-19 ආසාදිතයන් ලෙස හදුනාගන්නා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් සාද පැවැත්වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් ඉහළ යාමේ තත්වයක් උදාවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ' COVID Parties' ලෙස හැදින්වෙන මෙම සාද ගාස්තු ගෙවා ටිකටිපත්ද රැගෙන සහභාගි විය හැකි
සාද ලෙස සැලකෙයි.මේ වනවිට ජූලි මාසයේ දින ගණනාවකදීම එරට ස්ථාන රැසකදී සංවිධානය වූ මෙවැනි සාද පිළිබඳව වාර්තා වී තිබේ. මේවාට සහභාගි වන්නන් බොහෝ දෙනා තරුණයන් ලෙස සැලකෙයි. මේ සඳහා ආරාධනා ලැබෙන්නේන්ද OVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිස් වෙත පමණකි. එම පිරිස් අතරින් වෛද්‍ය පරීක්ෂාවකින් ප්‍රථම වරට COVID-19 ආසාදිත බවට තහවුරු වන පුද්ගලයාට ටිකට්පත් අලෙවියෙන් ලැබෙන මුදල් ත්‍යාගයක් ලෙස ලබාදීම සිදුවෙයි.

පසුගියදා පැවැත්වූ මෙවැනි 'කොවිඩ් සාදයකට' සහභාගි වූ ටෙක්සාස් නුවර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු COLD -19 තත්ත්වය බරපතළ වීමෙන් මරණයට පත්වීමේ පුවතක්ද වාර්තා විය. කෙසේ වෙතත් තමන් සිදුකළේ වැරැද්දක් බව ඔහු මියයාමට පෙරාතුව රෝහලේදී හෙදියන් වෙත පැවසු බවක්ද සඳහන් වෙයි. මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන ටෙක්සාස්හි සැන් ඇන්ටෝනියෝ මෙතෝදිස්ත රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ජේන් ඇපල්බයි, එම තරුණයා COVID-19 වෛරසය යනු බොරුවක් ලෙස සිතු අයෙකු බව පවසා තිබේ.

"මෙතැනදී වෙන්නේ වෛරසය ආසාදනය වූ අයෙක් තමන්ගේ අනෙකුත් මිතුරන් සමග සාදයක් සංවිධානය කිරීමයි. ඒ හරහා වෛරසය පරාජය කරන්න පුළුවන්ද කියලා ඔවුන් බලනවා. හැබැයි අන්තිමේදී මේ මියගිය තරුණයා ඔහුව බලාගත්ත හෙදියට කියා තිබුණේ, තමන් වැරැද්දක් කරගත්තා කියලයි. ඔහු හිතලා තිබුණේ මේ වෛරසය බොරුවක් කියලයි.
තමන් තරුණ සහ කිසිවෙකුටවත් පරාජයට පත් කළ නොහැකි අයෙකු නිසා වෛරසය තමන්ට වැලදෙන්නේ නෑ කියලයි ඔහු හිතලා තිබුණේ." ඇපල්බයි සඳහන් කළාය. රට තුළ සංවිධානය කෙරෙන මෙම කොවිච් සාද සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි එය සිය හිස කරකැවිල්ල ඇති කරවන සිදුවීමක් බව පවසා තිබේ.

"මට මේ 'කොඩි සාද’ ගැන අහන්න ලැබුණාම මගේ ඔළුව කරකැවෙන්න ගත්තා. මොකද මෙවැනි අවස්ථාවලින් වෛරසය තවත් ව්‍යාප්ත වෙන්න තියෙන හැකියාව වැඩියි. සංඛ්‍යාත්මකව ගත්තත්, ඔබ නිසා තවත් අයෙක් ආසාදනය වෙනවා. ඒ පුද්ගලයා නිසා තවත් අයෙක් ආසාදනය වෙනවා. අන්තිමේදී සියල්ලන්ම රෝගීන් වෙලා රෝහලට ඇතුළත් වෙනවා." වෛද්‍ය ඇන්තනි ෆවුසි සඳහන් කළේය.