රාජාංගණය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දැරියකට කොවිඩ්19 ආසාදිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.මෙම දැරියට ආසාදනය සිදුව ඇත්තේ පසුගියදා දානමය පිංකමකට සහභාගීවූ රාජාංගණයේ ආසාදිතයාගෙනි. මෙම දැරිය දානයට සහභාගීවී සිට ඇත.

ඊට අමතරව ඩුබායි සිට  පැමිණ  නිරෝධායනය වෙමින් සිටි පවුලක මාස හතක ළදරුවෙකුටත් කොවිඩ්19 ආසාදනය වී තිබෙන බව වාර්තා කර තිබේ.