9.30am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි අවියක් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද අත් අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර මූල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන ආ බවද වාර්තා විය.
8.00am
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ සාක්ෂි සැඟවීමේ චෝදනාවකි.
ශානි අබේසේකර මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව
කොළඹ අපරාධ කොට්ඨාශය තහවුරු කර තිබේ.
රාජපක්ෂ පවුල හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ රැසක මූලිකයාව සිටි ශානි අබේසේකර 2019 ජනාධිපතිවරණයෙන් පසුව එක්වරම සේවය අත්හිටුවීමට ලක්වූ අතර ඔහුව මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබුණි.
එය අභියෝගයට ලක් කරමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර ඊයේ (30) අධිකරණයේදී එය ඉල්ලා අස්කර ගෙන තිබුණි.
