අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ වසර 30ක් සේවය කරමින් සිට, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සිදුකරන අතරතුර කලින් විශ්‍රාම ගොස් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවයට
ගොස් ඇති එම දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.

විශ්‍රාම යෑමට නියමිත දිනට පෙර විශ්‍රාම ගොස්, ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සේවයට යෑමට අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ සේවය කිරීම සුදුසුකමක් වූ බවද එම උප පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂශන ඒකකයේ සේවය කළ (විශ්‍රාමික) උප පොලිස්  පරික්ෂක පහළ තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි මහතා එසේ සාක්ෂි ලබාදෙමින් කළ ප්‍රකාශයේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සාක්ෂිකරු මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සහ ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධ විමර්ශනවල විමර්ශන නිලධාරියා වශයෙන් කටයුතු කළ නිලධාරියා බවද කොමිසම හමුවේ අනාවරණය විය.
එසේ, මෙම සිද්ධි දෙක සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියා මිස පොලිස් පොත්වල කිසිඳු සටහනක් නොයෙදු බවද එම නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

- නිමන්ති රණසිංහ -