සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක චතුර සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසකට අද කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන් බවට චෝදනා කරමින් කැලණිය පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.



මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා සඳහන් කළේ, චතුර සේනාරත්න මහතා කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් බීමත්ව සිටි බවට කළ ප්‍රකාශය අනුව එම නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ අතර එහිදී අනාවරණය වූයේ කිසිවෙකු බීමත්ව නොසිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා සඳහන් කළේ ය.