[Trending][btop]
[News][stack]

කංජිපානි ඉම්රාන්ගේ මිනීමරු ගෝලයෙක් අත්අඩංගුවට

අද දින මාකඳුරේ මදුෂගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත් බව මින් ඉහත වාර්තා වූ අතර එමෙන්ම
කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකුද කොටහේන ප‍ෙදෙසේදී අත්අඩංගුවට ගත් බව

පොලිසිය දන්වා ඇත. හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි ඔහු 2019 පෙබරවාරි මස ආශා පාරික් කමල්දීන් නමැත්තිය ඝාතන සිද්ධියට අදාළ අනුබල දීමේ සැකකරුවෙකි.
වයස 30 ක්වූ ඔහු කොළඹ මෛත්‍රිබෝධිරාජ මාවතේ පදිංචිව සිටි බව කියැවේ. හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 800 ක් ඔහු සතුව තිබී ඇත. හෙට දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.