සාමකාමී මැතිවරණයක්  උදෙසා ඉදිරි මහ මැතිවරණයේදී විශේෂ අවධානය යොමු විය යුතු ප්‍රදේශ රැසක් පිළිබද කැෆේ සංවිධානය පොලිසියට දන්වයි.  පූර්ව මැතිවරණ සමය තුල සහ පශ්චාත් මැතිවරන සමය තුල 
ගැටුම්කාරී තත්වය වර්ධනය විය හැකි ප්‍රදේශ
හඳුනා ගනිමින්ඒවායෙහි සාමකාමී මැතිවරනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා මෙම  ඉල්ලීම කළබව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පවසයි.

මෙම ප්‍රදේශ  "හොට්ස්පොට්ස්" ලෙස කැෆේ සංවිධානය විසින් හදුන්වා ඇති බවත් පැවැති පූර්ව මැතිවරණ සමය තුළ එම ප්‍රදේශ වල මැතිවරණ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අනුමාන කිරීම  සිදුකල බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව  ඉදරි මැතිවරණ  සමය තුළ පොතුවිල්, සයින්දමරුදු, අක්කරෙයිපත්තු, කාත්තන්කුඩි, ඒරාවුර්,කින්නියා, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, කඩුවෙල, තංගල්ල, හැටන්, නාවලපිටිය, ගම්පහ, පුත්තලම සහ යාපනය යන ප්‍රදේශවල යම් උණුසුම්කාරී තත්වයන් සිදුවීමේ අවධානමක් පවතින බවට කැෆේ සංවිධානය විසින් හඳුනාගෙන තිබේ.