රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට කෙරෙහි ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙයි.



අදාළ යෝජනාව අද (27) පැවැත්වෙන ක්‍රිකට් කමිටුවට ඉදිරිපත් කර ඇත.

ක්‍රීඩකයින් අතින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙවැනි විනය පරීක්ෂණයක් සිදුකිරීමට යෝජනා වී ඇත.
ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකිරීමේ බලය ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුය.