ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය කොවිඩ්-19 වෛරසයෙන් නව මරණ 6ක් වාර්තා කර ඇති අතර, නව ආසාදිතයන් 532 දෙනෙකුද වාර්තා කර තිබේ.



මෙල්බර්න් නුවර පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ මෙම මරණ 6 අතුරින් මරණ 5ක්ම වැඩිහිටි සත්කාරක නිවාසයකින් ඉස්මතු වී ඇති බවයි.

වසංගතය ආරම්භ වූ දින සිට මරණ 10ක් වාර්තා වීමෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්තය ඉරිදා දිනය වැඩිම මරණ සංඛ්‍යාවක් වර්තා වූ දිනය ලෙස ප්‍රකාශයට පත්වූ අතර, එම මරණද වැඩි ප්‍රමාණයක් වැඩිහිටි සත්කාරක නිවාසවලින් වාර්තා විය.

ගෙවීගිය සතියේදී ප්‍රාන්තය තුළ දෛනික වැඩිම ආසාදිතයන් වාර්තා වූ දිනයේ ආසාදිතයන් 484 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14,935ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 161කි.