සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (13) සිදු කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
මෙම වැලිකඩ බන්ධනාගාරයේ රෝගියාගෙන්, එනම් කන්දකාඩු සිට පැමිණි රෝගියාගෙන් ආරම්භ වූ මෙම කන්දකාඩු පොකුර ගත්විට එම පොකුර සම්බන්ධයෙන් සෑහෙන ප්‍රමාණයක් වැඩ කටයුතු මේ වන විට ඉටු වී තිබෙනවා. ඒ අනුව
රෝගීන් හඳුනාගැනීම, ඒ වගේම ස්පර්ශකයින් හඳුනා ගැනීම, ඔවුන් නිරෝධායනය කිරීම මේ කටයුතු සියල්ල සාර්ථකව සිදු වී තිබෙනවා. මෙම කටයුත්තේදී විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ රාජ්‍යගනය ප්‍රදේශයට. මොකද රාජංගනය ප්‍රදේශයේ ට්‍රැක් 1, ට්‍රැක් 3 හා ට්‍රැක් 5 කියන ප්‍රදේශ මීට නතුවෙලා තිබෙනවා.

 ඒ නිසා එම ප්‍රදේශවල සංචරණය අඩාළ කොට නවත්වා තිබෙනවා. එම අයගේ හා අනෙකුත් අයගේ ආරක්ෂාව සඳහා. මෙම රාජංගනය සිද්ධිය ගත්විට අපට තේරුම් ගත හැකි දේ තමයි එම රෝගියාගේ ඥාතියකුගේ අවමඟුල් අවස්ථාව සහ බණ අවස්ථාවල සෞඛ්‍ය මාගෝපදේශ හරියාකාරව ක්‍රියාත්මක වුණා නම් අනිවාර්යයෙන් මෙම රෝගීන් සංඛ්‍යාව හෝ අපට හමුනොවන්නට හැකියාව තිබුණා.


ඒ අනුව, අපට ජනතාවට දිය හැකි පණිවිඩය තමයි මේ කොවිච් 19 රෝගය ලෝකයේ පවතිනවා, ආසියාවේ අපේ අසල රටවල පවතිනවා, ඒ වගේම ශ්‍රී ලංකාවට / තර්ජනය යම් ප්‍රමාණයකට තිබෙනවා. ඒ නිසා මෙහිදී, ඉතාම වැදගත් මෙම වෛරසයෙන් බේරීම සඳහා පසුගිය මාස කිහිපයේ අප සාකච්ඡා කර අප නතු කරගත් අපේ භාවිතයට ගැණුනු ක්‍රියාපිළිවෙත් ඉතාම තදින් පිළිපැදීම. මොකද අපට පෙනී යනවා ඇතැම් අවස්ථාවල ජනතාව එම තත්වයන්ගෙන් ගිළිහී ඇති බව. ඒ වගේම අප කිව යුතුයි, මේ කන්දකාඩු පොකුර හරහා මුළු ශ්‍රී ලංකාව පුරාම මෙවැනි තත්වයක් ඇති වී නැහැ. මේ තත්වය තිබෙන්නේ යම්කිසි ස්ථාන කිහිපයක. ප්‍රධාන වශයෙන් රාජ්‍යයනය, ඒ වගේත්ම වැලිකන්ද රෝගීන් දෙදෙනෙකු පමණ හමු වුණා. ඒ මිස මෙම තත්වය සමහර වෙලාවට විවිධ ආකාරයෙන් ප්‍රචාරය වන ආකාරයේ තත්වයක් නොවෙයි. ඒ වගේම, විටින් විට අපට අහන්නට ලැබෙනවා යම් යම් ප්‍රදේශවල රෝගීන් හමු වුණා වැනි කථා. නමුත් මෙහි සත්‍යතාවක් නැහැ.

මොකද රෝගියෙක් යම් ස්ථානයක හමුවුණා නම් ඒ බව අප ප්‍රකාශ කරනවා. මෙහිදී, විශේෂයෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ අය, කාර්යය මණ්ඩලය, වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් තැන් කරා යැවු අය ආදීන් නැවත කැඳවීමේදී ඇතැම් අය වරදවා තේරුම් ගන්නවා මේ අය කොවිච් 19 රෝගියෙකු හැටියට. ඒ කිසිසේත්ම කොවිඩ් 19 රෝගියකු නොවෙයි. රෝගියකු ලෙස හඳුනාගන්නේ PCR පරීක්ෂණය සිදු කර ඒ මගින් පමණයි. ක්‍රියාන්විතයක් යන විට,

මෙවැනි අවස්ථාවක කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ අය හෝ රැඳවියන් හෝ වෙනත් ස්ථානයක සිටියා නම් ඔවුන් කැඳවා ඔවුන් සම්බන්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්.

ඒ හමුවුණ ස්ථානවල නැත්නම් ඒ අය සන්ධයෙන් කටයුතු කරන ස්ථාන වල ප්‍රසිද්ධියේ කටයුතු කරන විට නිල ඇඳුම් පැලඳි තැනැත්තන් සිටීම (ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, හමුදා නිලධාරීන් විය හැකියි) ආදියෙන් ගම්‍ය වන්නට ඇත්නම් කෙනෙකුට හුවාදක්වන්නට පුළුවන් එවැනි තත්වයක් බවට.

නමුත් එය කිසිසේත්ම එවැනි තත්වයක් නොවෙයි. මොකද මේ කටයුතු රහසේ කරන කටයුතු නොවෙයි. සමාජයේ ප්‍රසිද්ධියේ සිදු කරන කටයුතු. එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩපිළිවෙලේ අත්‍යවශ්‍ය අංග බව කිව යුතුයි. අනිවාර්යයෙන් රෝගීන් හමුවෙනවා නම් ඔවුන් හමුවනේ කොහෙන්ද කවුරුන්ද යන්න අප කිව යුතුයි. එසේ නොමැතිව ඇත්ත වශයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්‍රියාවලියක් රැගෙන යාමේ හැකියාවක්ද නැහැ.