සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියකු වන අංගොඩ ලොක්කා නොහොත් ලසන්ත චන්දන පෙරේරා නැමැත්තා ඉන්දියාවේදී මියගිය බවට ප්‍රචාරය වන කරුණු සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තහවුරු වන නිල වාර්තා ලබා ගැනීමට අනෝන්‍ය තොරතුරු හුවමාරුව යටතේ
පොලිසිය කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවසිය.

මොහු මියගිය බවට ප්‍රචාරය වුවද මේ දක්වා එය නිත්‍යානුකුලව තහවුරුවී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිසිය එරට රජයෙන් සිදුකරන විමසීම්වලට ප්‍රතිචාර ලැබෙන තෙක් හා ඔහු මියගිය බවට නිල වශයෙන් තහවුරු වනතෙක් අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ඒ ආකාරයෙන් සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ඊයේ (23) උදේ පැවති මාධ්‍ය හමුවකදීය.

- ඉන්දිකා රාමනායක -