බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීම සඳහා හඳුනාගත් බන්ධනාගාරවල බුද්ධි අංශ නිලධාරින් ස්ථානගත කිරීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මේ වනවිට බුස්ස බන්ධනාගාරයේ 20 දෙනෙකු ද අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 7 දෙනකුද වශයෙන් බුද්ධි අංශ නිලධාරීන් ස්ථානගත කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී මීගමුව, කළුතර, දුම්බර, අනුරාධපුර, ගාල්ල, කෑගල්ල, කුරුවිට ඇතුළු බන්ධනාගාර කීපයක බුද්ධි අංශ නිලධාරීන් ස්ථානගත කිරීමට නියමිතය.

බුද්ධි අංශය ශක්තිමත් කිරීම සඳහා සෑම බන්ධනාගාරයකින්ම සුදුසු නිලධාරීන් එම අංශ වෙත බඳවාගෙන පුහුණුවක් ලබාදීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

- ජයන්ත සමරකෝන් -