ප්‍රවීණ ළමා ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා දන්වා ඇත. මියයන විට
ඇගේ වයස 92 කි.
වෙත්තසිංහ මහත්මිය 1927 දී උපත ලැබූ අතර ඇගේ ළමා වියේ පළමු වසර හය ගත කළේ දකුණු ලක ගිංතොට ගම්මානයේ ය. පසුකාලීනව ඇගේ පවුලේ අය කොළඹට සංක්‍රමණයවූ අතර ඇය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළුවී අධ්‍යාපනය ලැබුවාය. වයස 17 දී ඇය ලංකාදීප පුවත්පතට බැඳුනාය. ඇගේ වයස 25දී

1952දී ලේක්හවුස් ආයතනයට බැඳුණි.

ඇය ලේක්හවුස් පළ කළ ජනතා පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පිණිය බවට පත්විය. ඇය දැක්වූ දක්ෂතාවන් නිසා ලේක්හවුස් මගින් පළ කළ  සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ, ඩේලි නිවුස් සහ සරසවිය සියලු පුවත්පත්වල චිත්‍ර ඇන්දාය. 1955 දී ඇය එවක ලේක්හවුස් පුවත්පත් සමස්තයේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ දොන් ධර්මපාල වෙත්තසිංහ සමඟ විවාහ විය. ඇයට දරුවන් 4 කි. මුණුපුරු මිණිපිරියන් 5 කි.

1952 දී ජනතා පුවත්පතේ සේවය කරමින් සිටියදී වෙත්තසිංහ මහත්මිය ඇගේ පළමු උත්සාහය ලෙස කතන්දර ලිවීමට උත්සාහ කළාය. ඇය පුවත්පතේ ළමා පිටුව සඳහා කුඩ හොරා නමින් ආඛ්‍යානයක් නිෂ්පාදනය කළාය. මෙම කථාව අවසානයේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචනාත්මක පැසසුමට ලක් වූ පොතක් බවට වර්ධනය විය. එහි සාර්ථකත්වයේ ආනුභාවයෙන්  සිය වෘත්තීය කාලය තුළ ළමා පොත් 200 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කටයුතු කළාය. ඇගේ පොත් බොහොමයක් ජපන්, චීන, ස්වීඩන්, නෝර්වීජියානු, ඩෙන්මාර්ක, ඉංග්‍රීසි, කොරියානු, ලන්දේසි සහ දෙමළ වැනි භාෂාවලට පරිවර්තනය කර ඇත. පසුගිය කාලයේ ඇය ගීනස්වාර්තා පොතටද ඇතුළත් වූයේ වැඩිම අවසානයන් සහිත පොතේ කතුවරිය ලෙසිනි.
ඇගේ ජාත්‍යන්තර අවධානයට ලක්වූ පොත් ලැයිස්තුවක් හා ඇය ලැබූ සම්මාන පහතින්