1980 ප්‍රකට හවායි ෆයිව් ඕ  මෙන්ම 2016 CSI: Cyber ටෙලි චිත්‍රපට මාලාවල රඟපෑ
හොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන කෙලී ප්‍රෙස්ටන් පියයුරු පිළිකාවක් සමඟ වසර දෙකක සටනකින් පසු මියගියාය. මියයන විට ඇගේ වයස ඇගේ වයස අවුරුදු 57 කි.

 ඇගේ සැමියා වන ප්‍රකට නළු ජෝන් ට්‍රැවොල්ටාගේ ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ඇගේ මරණය මුල්වරට අනාවරණය කෙරිණි.
"ඇය බොහෝ දෙනෙකුගේ ආදරය හා සහයෝගය ඇතිව ධෛර්ය සම්පන්න සටනක් කළාය" යනුවෙන් නළුවා ලිවීය.


පවුලේ නියෝජිතයෙකු පැවසුවේ ප්‍රෙස්ටන් කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියද ඇගේ රෝගී තත්වය පෞද්ගලිකව තබා ගැනීමට තීරණය කර තිබූ බවයි. ඇය දීප්තිමත්, සුන්දර හා ආදරණීය චරිතයක් විය. ඇය අන් අය ගැන ගැඹුරින් සැලකිලිමත් වූ කෙනෙකි. ඇය ස්පර්ශ කළ සෑම දෙයකටම ජීවය ගෙන ආවාය.

ප්‍රෙස්ටන් 1962 ඔක්තෝබර් 13 වන දින හොනොලුලු හි උපත ලැබුවාය. ඇය විවිධ රූපවාහිනී වැඩසටහන් වල රඟපෑ නමුත් 1988 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සහ ඩැනී ඩිවිටෝ සමග එක්ව කළ ප්‍රහසන නිවුන් දරුවන්ගේ චරිතයට පසුව ඇය ප්‍රසිද්ධියට පත්විය. ඇයගේ අනාගත ස්වාමිපුරුෂයා මුණගැසුණේ ටික කලකට පසුවය. දෙදෙනා විවාහ වූයේ 1991 දී ය.

ඇය ජෙරී මැගුවියර් සහ ජැක් ෆ්‍රොස්ට් වැනි චිත්‍රපට 50 ක පමණ රඟපෑවාය.රූපවාහිනී ටෙලි කතා 12 කට වැඩි ප්‍රමාණයකටද එක්වූවාය.
ට්‍රැවොල්ටා සහ ප්‍රෙස්ටන්ට දරුවන් තිදෙනෙක් සිටියහ. ඔවුන්ගේ එක් පුතෙකු වූ ජෙට් වයස අවුරුදු 16 දී 2009 ජනවාරි මාසයේදී කවසාකි රෝගයෙන් මිය ගියේය.