නම් සේවාවක් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තම අවධානය යොමු කර තිබේ. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවන්හල් තුළට විශේෂිත තාක්ෂණික
සේවාවක් අත්‍යවශ්‍ය වන බව බොහෝ දෙනෙක් පිළිගනී. එබැවින් මේ සඳහා අවන්හල් තාක්ෂණික සමාගමක් වන ප්‍රෙස්ටෝ විසින් නොමිලේ CON TACTLESS DINING KIT ලබා දීමට සැලසුම් කර ඇති අතර අවන්හලෙහි මෙනු පත‍ බැලීමට සහ ඇණවුම් කිරීමට හැකි ක්‍රමවේදයක් ඔවුන් විසින් සොයාගෙන ඇත. මේ සඳහා QR code stickers සහ tent cards ක්‍රමවේදයක්ද ඔවුන් හඳුන්වා දී ඇත.

ලොව පුරා අවන්හල් නැවත ප්‍රවේශමෙන් විවෘත කිරීමට සූදානම් වන මෙවන් අවස්ථාවක බොහෝ දෙනෙක් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව අප දන්නා කරුණකි. එබැවින් ඇමරිකානු අවන්හල් තාක්‍ෂණ සමාගමක් වන ප්‍රෙස්ටෝ බලාපොරොත්තු වන්නේ අවන්හල් සඳහා CON TACTLESS DINING KIT නොමිලේ ලබා දීමටයි. මේ මඟින් මෙම ක්‍රියාවලිය ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ලැබෙව බවද ඔවුන් විශ්වාස කරයි.

එබැවින් මෙම ක්‍රමවේදය හරහා සමාජ දුරස්ථභාවයට ඉඩ දෙමින් QR code stickers සහ tent cards භාවිත කරමින් රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා අවශ්‍ය මෙනුව බැලීමට පුද්ගලයන්ටඉතා පහසුවෙන් හැකිවනු ඇත.එමෙන්ම මෙය දුරකථන භාවිතයෙන් සිදු කරන බැවින් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවශ්‍ය දේ ඇනවුම් කළ හැක. රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඕනෑම වේලාවක මෙසේ ටැබ්ලටය හෝ දුරකථන භාවිතා කළ හැකිය. එමෙන්ම අමුත්තන් ආහාර රැගෙන පිටත්ව යාමට සූදානම් වූ විට ඔවුන්ගේ දුරකථනය හෝ ටැබ්ලටය භාවිතයෙන් චෙක්පත ආරක්ෂිතව ගෙවිය හැකි වීමද මෙම ක්‍රමයේ සුවිශේෂි වාසියක් වනු ඇත. මෙසේ අවන්හල විසින් දෙනු ලබන කට්ටලයට ටැබ්ලටයක්, දර්ශන පුවරු 60 ක්, QR කේත සහ ස්ටිකර් 60 ක් සහිත සවිස්තරාත්මක උපදෙස්ද ඇතුළත් වේ. කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදය තුළින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට මෙන්ම තම සේවාදායකයින් වෙත ඉතා පහසුවෙන් හා ඉක්මණින් අවන්හල් සේවාව ලබා දිමටද හැකි යැයි ප්‍රෙස්ටෝ සමාගම විස්වාස කරයි.

රිෂ්මි ඉෂාරා