කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයෙකු ඉකුත් 06 වෙනිදා ගම්පහ අංක 02 දිසා අධිකරණයේ
නඩුවක සාක්ෂි කරුවෙක් ලෙස පෙනි සිට සාක්ෂි ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීම හේතුකොටගෙන
එම අවස්ථාවේ අධිකරණ මහෙස්ත්‍රාත්වරිය ඇතුළු 08 දෙනෙකුව නිරෝධායනය සදහා අද (14) දින සිට යොමු කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන කදවුර වෙත උපදේශකයන් රැගෙන ගොස් ඇති වාහනයක රියදුරු ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා කොරෝනා වෛරසය  ආසාදිත වු  අයෙකු බවට ඊයේ හදුනා ගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්තුමිය ඇතුළු එම අධිකරණයේ සේවයේ නියුතු 06 දෙනෙකු සහ නිතිවේදින් දෙදෙනෙකුව මෙසේ නිරෝධායනය සදහා යොමු කර ඇත.

එම 08 දෙනාව ඉදිරියේ දි පි.සි ආර්.පරික්ෂණය සදහා යොමු කරන බවද ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දන්වා සිටියේය.