අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි
ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තහවුරු කර තිබේ.

 ඔහු සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකු බවයි.
ඒ නිසා ඔවුන් දෙදෙනා නැවතත් දැනට රෝහලක් බවට පත්කර ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
ඔවුන් දෙදෙනා ගේ සමීපතම ආශ‍්‍රිතයන් වූ පවුල් දෙකකට අයත් අටදෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
ඔවුන් සමග ගනුදෙනු කරන ලද තවත් 50 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකරනු ලද බවත් සියල්ල 60 ක් බවත් ඔහු පැවසීය.