න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 150 කට ආසන්න පිිරිසක් PCR පරීක්‍ෂණ සදහා යොමුකර තිබෙයි.
ඉන් 79 දෙනෙකු රාජාංගණය ප‍්‍රදේශයේ පුද්ගලයින්. PCR පරීක්‍ෂණ සදහා ඊයේ (11) දිනයේදී පුද්ගලයින් 40 කගේ සාම්පල ලබාගෙන තිබුණා. ඉන් 20 කගේ පරීක්‍ෂණ මේ වනවිට
අවසන් කර තිබෙනවා. එහිදී තහවුරු වී ඇත්තේ කාන්තාවන් තිදෙනෙකුට හා තවත් කුඩා දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක කියාසිටියේ කොරෝනා ආසාදිත උපදේශකවරයා සහභාගි වූ අවමංගල්‍ය උත්සවය සහ දානමය පුණ්‍යකර්මයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවයි.

රාජංගණය, යාය 5 සහ යාය 1 යන ප‍්‍රදේශවල පැවති මෙම අවමංගල්‍ය උත්සවය සහ දානමය පුණ්‍යකර්මයට 600 කට අධික පිරිසක් සහභාගි වී සිටි බව වෛද්‍ය තේජන සෝමතිලක කියාසිටියේය.

රාජාංගණය ප‍්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති බවත් ඉදිරි PCR ප‍්‍රතිඵල මත ඒවා දැඩි කිරීමට සිදුවනු ඇති බවත් අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් පැවසුවේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරෙන් පළමු වරට සමාජයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා වූයේ මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ උපදේශිකාවයි. ඒ අනුව පුත්තලම දිස්ති‍්‍රක්කයේ පමණක් ඇයගේ ආශි‍්‍රතයින් 50 කට වැඩි පිරිසක් දැනටමත් PCR පරීක්‍ෂණවලට යොමුකර ඇති බවයි පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු සදහන් කළේය.