කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 35 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.



කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකු වන මොවුන්

දෙදෙනා නිවාඩු ලබා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පැමිණ සිටි අයවලුන් වන අතර ඔවුන්ව යලි කඳවුර වෙත කැඳවීමත් සමග ආපසු කන්දකාඩු බලා ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවූ එක් යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා සහ සේවකයින් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත. මිට අමතර එම හමුදා සාමාජිකයා රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය සඳහන් කළේය.
 නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.