මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී ඩී කේ අධිකාරි මහතා පවසයි.

මේනව විට ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ බුත්තල  උණාවටුන ප්‍රදේශයෙන් හා සියඹලාන්ඩුව විලඔය ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුය.

කොරෝනා බවට සැක තවත් පුද්ගලයින් පස් දෙනෙකු පිළිබද තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කරයි.
ඔවුන් දෙදෙනාට අමතරව  බඩල්කුඹුර දේවතුර ප්‍රදේශයෙන්  පුද්ගලයෙකුත් ,කතරගම
ප්‍රදේශයෙන් පුද්ගලයෙන්  දෙදෙනෙකු හා මැදගම ප්‍රදේශයේ  දෙදෙනකුත් සැක සහිතව හමුවි තිබේ .
බුත්තල ප්‍රදේශයේ ආසාදිතයා  ඇසුරුකල හා ගැවසුනු ස්ථානවල  ආශ්‍රිතයින් 45 දෙනෙකුගේ
පරික්ෂණ අද 14 සිදුකිරිමට  කටයුතු යොදා ඇති බවත්  මෙනෙරාගල ප්‍රදේශයේ ඔහු ගැවසුනු ස්ථානවල සිටි අයගේ  පරික්ෂණ කටයුතු හෙට දිනයේ සිදුකිරිමට කටයුතු කර ඇති බවත්  ඒ මහතා කියා සිටියේය.