පසුගිය දිනවල කෝවිඩ් -19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් පුද්ලයෙකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 23ක් ස්වයං නිරෝධායනයට
ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට බලන්ගොඩ 29දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.  මුල් සබඳතා පැවැත්වූ 6 දෙනා වාර්තා වන්නේ වැලිතයාය ප්‍රදේශයෙන් පුද්ගලයකු, කූරගල ප්‍රදේශයෙන් පුද්ගලයකු, සමනලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයකු හා රාස්සගල ප්‍රදේශයෙන් තිදෙනෙක් වශයෙන්.  මෙම පුද්ගලයින් හා ඇසුරු කළ එම පවුල්වල පුද්ගලයින් ඇතුලු 23 ක් ස්වයං නිරෝධායනයට කටයුතු කර තිබෙයි.

පළමු සබඳතා පැවැත්වූ 6 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා සාම්පල බලන්ගොඩ මූලික රෝහලේදී අද(14) වැනිදා ලබාගැනීමෙන් අනතුරුව රත්නපුර මහරෝහල වෙත යැවීමට කටයුතු කරන බව වෛද්‍ය නූර්දින් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.