උතුරු පලාතේ පාතාල කල්ලි 09ක පමණ ක්‍රියාත්මක වන බවට තොරතුරු මේ වනවිට හෙළි කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බුද්ධි අංශ හා පොලිස් බුද්ධි අංශ විසින් මෙම පාතාල කල්ලි 09 සහ මේවායේ නායකයන් හා සාමාජිකයන් ගැනද
තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ආයුධ සන්නද්ධව ගොස් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින්ට, නිවාසවලට හාල් දේපොළවලට පහරදී අලාභහානි සිදු කිරීම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීම සහ කොල්ලකෑම් මෙම පාතාල කල්ලි විසින් සිදු කරගෙන යන බව පොලිසිය කියයි.
සයිබර් සන්දියන් නමැති පාතාල කල්ලිය මෑතකදී බිහිවූ එකක් බවත් එම කල්ලිය ගැන කෙටි විස්තරයක් මුහුණු පොතේ පළකර තිබෙන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
 ආයුධ සන්නද්ධව ගොස් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින්ට, නිවාසවලට හා දේපොළවලට පහරදී අලාභහානි සිදු කිරීම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීම සහ කොල්ලකෑම් මෙම පාතාල කල්ලි විසින් සිදු කරගෙන යන බව පොලිසිය කියයි.

සයිබර් සන්දියන් නමැති පාතාල කල්ලිය මෑතකදී බිහි වූ එකක් බවත් එම කල්ලිය ගැන කෙටි විස්තරයක් මුහුණු පොතේ පළකර තිබෙන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ද කීය.

පාසල් සිසුවියන්ට හා තරුණියන්ට විවිධ පුද්ගලයන්ගෙන් නොයෙකුත් හිරිහැර හා අකටයුතුකම් සිදුවන අවස්ථාවල ඔවුන් සොයාගෙන ගොස් පහරදීම කිරිමට මෙම වෙනත් සමාජ විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට පහරදීම් සිදු කිරීමේ අරමුණින් ආවා කල්ලිය 2014 වසරේ ආරම්භ කර තිබෙන බව එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ආවා පාතාල කල්ලිය පසුව ව්‍යපාරිකයන් බියවද්දා කප්පම් ගැනීම් හා කොල්ලකෑම් සිදු කරන බවත් පොලිසිය පැවසීය.  ආවා නමැති පාතාල කල්ලියේ ඇතැමුන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරිමට ඇබ්බැහී වී සිටින බවත් ඒ සඳහා මුදල් සෙවීමේ අරමුණින් මුදල් කොන්ත්‍රාත්වලට අපරාධ කිරීම් හා කොල්ලකෑම් බහුලව සිදු කරන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
 මෙම පාතාල කල්ලියේ මුල් නායකයන් ලෙස සැලකෙන දේවා, ප්‍රකාශ් සහ සන්තා නමැත්තන් ස්විස්ටර්ලන්තයට සහ ඉන්දියාවට පලාගොස් සිටියදී එරට පොලිසිවලට අත්අඩංගුවට පත්වී කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවී මේ වනවිට නිදහස් වී ඇති බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි පැවසේ.
සන්තා, ප්‍රකාශ් සහ දේවා යන අය එම රටවල සිට ආවා පාතාල කල්ලියට මුදල් ආධාර ලබා දෙමින් මෙහෙයවන බවටද කරුණු වාර්තා වී ඇති බව බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය. ආවා කල්ලියේ වර්තමාන නායකයා කුමාරේෂරත්නම් විනෝදන් වශයෙන් පොලිසිය හඳුනාගෙන තිබේ.
 ආවා පාතාල කල්ලියේ සාමාජිකයකුව සිටි ධනුරොත් නමැත්තා එයින් වෙන්වී ඔහුගේ නමින් වෙනම පාතාල කල්ලියක් පටන්ගෙන ඇති බව බුද්ධි අංශ පවසයි.
ආවා කල්ලියේ වර්තමාන නායකයා කුමාරේෂරත්නම් විනෝදන් වශයෙන් පොලිසිය හඳුනාගෙන තිබේ.

ආවා පාතාල කල්ලියේ සාමාජිකයකුව සිටි ධනුරොක් නමැත්තා එයින් වෙන්වී ඔහුගේ නමින් වෙනම පාතාල කල්ලියක් පටගෙන ඇති බව බුද්ධි අංශ පවසයි.
ධනුරොක් නමැත්තා ආවා කල්ලියේ සාමාජිකයකුව සිටියදී ඔහුගේ නැගණිය සමග එම කල්ලියේ අයකු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව කියමින් එම තරුණයාට ධනු රොක් පහරදීමෙන් පසුව දුරදිග ගිය ආරවුලක් මත ඔහු (ධනු රොක්) එමට කල්ලියෙන් ඉවත්ව යෑමට හේතුවී ඇති බවට තොරතුරු බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇත.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය උතුරේ ක්‍රියාත්මක පාතාල කල්ලි සාමාජිකයන් 50කට වැඩි පිරිසක් කඩු, කෙටෙරි හා යකඩ පොලු සහ යකඩ චේන් වැති ආයුධ රැසක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වනවිටත් එම පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය සෑහෙන දුරට අඩපණ කරමින් තිබෙන බවත් මේ පිළිබඳව විමසීමේදී උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය