විශ්වවිද්‍යාල හතක උපකුලපති තනතුරු මේ වන විට පුරප්පාඩු වී ඇති බව වාර්තාවේ.
කැලණිය, සෞන්දර්ය කලා, සබරගමුව, වයඹ, ඌව වෙල්ලස්ස , බුද්ධ ශ්‍රාවක හා යාපනය යන විශ්වවිද්‍යාලවල මෙලෙස එම තනතුරු පුරප්පාඩු වී ඇති විශ්වවිද්‍යාලයි.



මේ අතරින් කිහිපයක උපකුලපති තනතුර සඳහා අයැදුම්පත් කැඳවා ඇති නමුත් පුරප්පාඩු සඳහා සුදුස්සන් පත් කරන්නේ මහමැතිවරණයෙන් පසුව යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

උපකුලපතිවරුන් පත් කිරීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නව චක්‍රලේඛයක් නිකුත් කළා. එම චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර කැලණිය විශ්වවිද්‍යාලය එම තනතුරට අයැදුම්පත් කැඳවා එහි පාලක සභාව විසින් සුදුස්සන් තිදෙනකුගේ නම් ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවනු ලැබුවා. නමුත් නව චක්‍රලේඛය අනුව යළි අයැදුම්පත් කැඳවන ලෙස එම විශ්වවිදයාලයට දැනුම් දී ඇත.

මේ අතර උපකුලපතිවරුන් පත් කිරීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ ඇතැම් කරුණුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විරෝධය දක්වා තිබෙනවා. එම කරුණුවලට අදාළව අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කොමිෂන් සභාව එකඟතාව පළ කර තිබෙයි.