ප්‍රකට ටෙලි නාට්‍ය ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය සිය දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාව අතැර විදෙස් ගතවූ බව වාර්තා වේ. ඇය දියණිය සමග ගොස් තිබෙන්නේ සිංගප්පූරුවටය.
උදාරිගේ සැමියා සිංගප්පූරු රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකි.
උදාරිගේ දියණිය කොළඹ බ්‍රිටිෂ් ස්කූල් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටි
අතර උදාරි හා සැමියා දෙදෙනාම දියණියට විදෙස් අධ්‍යාපනය ලබාදීමට
කුඩා කාලයේ සිට සැලසුම් කර සිටි බව ඇය පවසා තිබුණි.
සිංගප්පූරුවේ විධිමත් අධ්‍යාපනය ආරම්භවන්නේ වයස අවුරුදු 7 සම්පූර්ණ කළ දරුවන්ටය. ඒ නිසා උදාරි දියණියට මූලික මට්ටමේ ඉගැන්වීම් කටයුතු කොළඹදී පෙරකී ජාත්‍යන්තර පාසලේදී ලබාදී ඇති අතර ඇය පසුගිය වසරේ අවුරුදු 7 සම්පූර්ණවූ පසු 2020 වසරේ මුල සිට සිංගප්පූරුවට ගොස් අධ්‍යාපනය සඳහා යොමු කිරීම සැලසුම විය. නමුත් අනපේක්ෂිත කොරෝනා වෛරස අගුළු දැමීම නිසා ඔවුන්ගේ සැලසුම ටික කලකට ප්‍රමාදවූ නමුත් මේ වනවිට සිංගප්පූරුවේ අධ්‍යාපන කටයුතු සඳහා පසුබිම සකස්වීමත් ලංකාවෙන් ගුවන් ගමන් ආරම්භවීමත් නිසා සැලසුම පරිදි දියණියගේ අධයාපනය සඳහා ඇය දියණිය සමග විදෙස් ගත විය.
උදාරිද දියණිය වෙනුවෙන් කැපවී ලංකාවෙන් නික්ම ගොස් දිගු කලක් එහි නතර වනු ඇතැයි වාර්තාවේ.
රූගත කිරීම් සඳහා අවශ්‍යතාව පරිදි නැවත ලංකාවට පැමණීමට අදහසක් ඇතත් වැඩි කලක් එරට රැඳෙන්නට සිදුවනු ඇතිබවට ඇය විස්තර කර තිබේ.