මේ දිනවල ඇතිවූ සියදිවිනසාගැනීම් රැල්ල නිසා අහිමිවූ තවත් එක් ජීවිතයක් වූයේ කුරුණෑගල කුලියාපිටිය පන්නල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක වූ 31 වියැති තිලිණි පවිත්‍රාය. ඇය ඇගේ පවුලේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන පිළිස්සුම් තුවාල ඇති කරගත් අතර
රෝහල් ගතව සිට ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගිය 16 වනදා මියගියාය.
වඩුමුන්නේගෙදර තිළිණි පවිත්‍රා නමින් ඇය මව්බිම ඇතුළු පුවත්පත් වලට ප්‍රාදේශීය වාර්තා සැපයූ අයෙකි.

 ඇය සියදිවි නසාගන්නට ආසන්න දිනවලදී ඇගේ අවසන් ෆේස් බුක් සටහන් පළ කර තිබූ අතර ඒ පොස්ටු අතර 'දැන්නම් මටත් හිටියා ඇති වගේ' යනුවෙන් සඳහන් මිනීපෙට්ටියක ඡායාරූපයක්ද ෂෙයාර් කර තිබුණි.

 ඒ සමග පළවූ අනෙක් පෝස්ටු සැලකීමේදී අන් අය ඇය ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඇයට චෝදනා කරන සෙයක්ද ඇයට එම පීඩාව නිසා සිත්තැවුල් ඇති කර අයුරක්ද හඳුනාගන්නට ලැබුණි.

සිය පවුලේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ඇය දිවිනසාගත් බව ප්‍රකට වුවද ඒ ගැන වැඩි විස්තර මාධ්‍ය තුළින් වාර්තා කිරීම වැළකී ඇත.
අකාලයේ තරුණ ජීවිත මේ ආකාරයට විනාශ වීම සම්බන්ධයෙන් කොරෝනා සමයේ මානසික අවපීඩන තත්වයන්ද හේතුව ඇති අයුරු මනෝ විද්වතුන් විස්තර කර තිබේ. සෑම මරණයක්ම පවුලේ අයට, මිතුරන්ට සහ සමීපතමයන්ට ඛේදවාචකයති. නිමා නොවන වේදනාවකි.  සියදිවි නසාගැනීමක් යනු වළක්වා ගත හැකි මරණයකි.