ලංකාවේ ක්‍රිකට් කේෂ්ත්‍රයේ අංක එක තමන් බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් වන තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියි.

තමන් විසින් සිදුකළ ප්‍රකාශයකට පසුගියදා මහේල ජයවර්ධන මහතා ලබාදුන් පිළිතුරට ප්‍රති පිළිතුරු වශයෙන් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා මේ බව කියා සිටියේය.

” ලක්බිම කියලා බැට් එකේ ගහ ගෙන ගිහින් පළවෙනියට අනුග්‍රාහකත්වය දක්වලා තරගයට සෙල්ලම් කරපු ඒ චුටි කොල්ලට දැන් මුල අමතකයි. ක්‍රීඩා ඇමතිවරු හදනවා බලයට ආවට පස්සේ තනතුර ලබා ගත්තට පස්සේ ඔහු ක්‍රිකට් ඇමති වෙන්න.

මේ ලඟදි ක්‍රිකට් ගහලා සමුගත්තු සමහර තරු ඉන්නවා තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ, තමන් ක්‍රීඩා කළ ආයතනය මතක නැහැ. මුරලිදරන් සමහර විට මම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුඅරන් බොහෝ කාලයකට කලින්. ප්‍රමෝද වික්‍රමසිංහ ඇවිත් ඇන්ජලෝ මැතිව්ස්ට කිව්වා තරග පාවාදීමක් සිදුවෙනවා කියලා.

ඒකට සම්බන්ධ ක්‍රීඩකයින් 05 දෙනෙකුගේ නම් පවා කිව්වා. මාවන් අතපත්තුගේ කාමරේ ඩොලර් මිලියන 1.5ක මුදලක් තිබිලා අහුවුනාම ඔහුට හොරා කිව්වා. ලංකාවේ ක්‍රිකට් කේෂ්ත්‍රයේ අංක එක මමයි” හිටපු සභාපතිවරයා කියා සිටියේය.