එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.



ඒ මහතාට හෘද සැත්කමක් සිදු කරමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ ඒ මහතා හෘදයාබාධයකින් පෙළුණු අතර ඒ සඳහා ප්‍රතිකාරද ලබා ගෙන ඇත.